Monday, 29 April 2024

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇගවීම් දීර්ඝ කරයි

Posted On Friday, 29 December 2023 15:25

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇගවීම් දීර්ඝ කරයි

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට අද(29) පස්වරු 2.30බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , හාලි ඇල, සහ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිල්ලෙන් පසුවන ලෙස එම නිවේදනයේ සඳහන් වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණතොට සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර , මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම , මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.