Sunday, 28 April 2024

මඩකලපුව - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් වසා දැමේ

Posted On Friday, 29 December 2023 15:35

මඩකලපුව - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් වසා දැමේ

 

අද (29) දින දහවල් 10.00ට පමණ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බැවින් මඩකලපුව - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව වැලිකන්ද, දිඹුලාගල, මඩකලපුව දක්වා ගමන් කරන මගීන්ට ගමන් පහසුව සලසා ගැනීම සදහා කදුරුවෙල දුම්රිය ස්ථානයේ සිට මනම්පිටිය දෙසට විශේෂ දුම්රිය සේවාවක් පෙ.ව.10.30 සිට ක්‍රියාත්මක වන බව කදුරුවෙල දුම්රිය ස්ථානාධිපති විසින් සදහන් කරන ලදි .

තවද මඩකලපුව දෙසට ගමන් කරන වාහන සදහා විකල්ප මාර්ගයක් ලෙස ගිරිතලේ ,ඇලහැර,බකමූණ,දෙහිඅත්තකණ්ඩිය මාර්ගය හරහා ගමන් කල හැකිය.