Monday, 29 April 2024

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Posted On Friday, 29 December 2023 15:42

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

 

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2023 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ආදර්ශ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ආදර්ශ ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීමද තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි

එමෙන්ම මෙවැනි කටයුතුවල නිරත වන පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.