Sunday, 28 April 2024

ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ යයි- ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා

Posted On Tuesday, 02 January 2024 05:24

ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ යයි- ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා

 

ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාක්මකවන පරිදි ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ් මහතා මේ බව පැවසුවේ , අද (01) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට ප්‍රධානම හේතුව ලෙස රජය විසින් නිකුත් කරන ලද VAT බද්ධ පෙන්වා දිය හැකි බව කී සභාපතිවරයා රට පුරා කිසිදු ගෑස් හිගයක් ඇති නොවන බවද පෙන්වා දුන්නේය.

නව සංශෝධනය අනුව , රුපියල් 3565 ක් ලෙස පැවති 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685 වැඩි වූ අතර එහි නව මිල රුපියල් 4250කින් ද , රුපියල් 1431ක් ලෙස පැවති 5 kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 276 වැඩි වූ අතර එහි නව මිල රුපියල් 1707 කින් ද , රුපියල් 1431ක් ලෙස පැවති 2.3 kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 127 වැඩි වූ අතර එහි නව මිල රුපියල් 1707ක් ලෙසද නව මිල පරාසයකට යන බව ද මුදිත පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.