Sunday, 28 April 2024

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2024 සඳහා කෘති භාර ගැනේ

Posted On Monday, 08 January 2024 09:23

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2024 සඳහා කෘති භාර ගැනේ

 

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර සමාජවිද්‍යා පිඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන “ විද්‍යෝද්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය -2024 ” සමගාමිව 2023 වර්ෂයේ ප්‍රකාශයට පත් වු කෘති භාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ.

එම කෘති භාර ගැනීම පෙබරවාරි 28 දින දක්වා සිදු කෙරෙන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර සමාජවිද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්යය ශිරන්ත හින්කෙන්ද මහතා අද(08) රජයේ ප්‍රවෘත්ති දෙපරේතමේන්තුවේ දි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්යවරයා පැවසූවේ, මෙම සදහා කෘති පිටපත 02ක් ඉදිරිපත් කරන ලෙසයි.එය බහුවිෂය පර්යේෂණ මධ්‍යස්ථානය, මානවශාස්ත්‍ර සමාජවිද්‍යා පිඨය,ශ්‍රි ජයවර්ධපුර විශ්ව විද්‍යාලය, ගංගොඩවිල,නුගේගොඩ යන ලිපිනයට යොමු කරන ලෙසයි.එසේම 0714837683/0702464811 යන දුරකතන අංක මගින් වැඩි විස්තර ලබා ගන්නා ලෙස ද මහාචාර්යය ශිරන්ත හින්කෙන්ද මහතා ඉල්ලා සිටියි.