Saturday, 27 April 2024

කන්දකාඩු කඳවුරේ රැඳවියන් පලායාම සම්බන්ධයෙන් සෙවීමට පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක්

Posted On Wednesday, 17 January 2024 05:49

කන්දකාඩු කඳවුරේ රැඳවියන් පලායාම සම්බන්ධයෙන් සෙවීමට පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක්

 

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් පලායාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත.

එම පරීක්‍ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා පත්කර ඇති අතර ඊට අදාළ පරීක්ෂණ හා නිර්දේශය ඇතුලත් වාර්තාව සති තුනක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙස ඇමතිවරයා අදාළ පරීක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
අධිකරණ ඇමතිවරයා විසින් පත්කර ඇති එම පරීක්‍ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වනුයේ එම්.එස්.පි. සූරියාප්පෙරුම අතිරේක ලේකම්(පාලන හා පොලිස්)මහජන ආරක්ෂක අමාත්‍යාංශය,ආර්.එස්. හපු ගස්වත්ත අතිරේක ලේකම්(පාලන )අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,පියුමන්ති පිරිස් අතිරේක ලේකම්(නීති)අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,ඩීඑම් සමන් දිසානායක අතිරේක ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය,යන මහත්ම මහත්මීන්ය.