Saturday, 27 April 2024

විජය කුමාරතුංග 36 වැනි ගුණ සමරුව අදයි

Posted On Friday, 16 February 2024 08:42

විජය කුමාරතුංග 36 වැනි ගුණ සමරුව අදයි

 

මානව හිතවාදියෙකු සහ කලාකරුවෙකු වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් විජය කුමාරතුංග ගුණ සමරු උළෙල සහ ‘විජය ගී තරුව’ සම්මාන ප්‍රදානය සහ ‘උපහාර ගී සරණිය සමඟ නවම් විරු සමරුව’ අද(16) සවස 2.00 සිට කොළඹ 07, නව නගරශාලා රඟහලේදී පැවැත්වේ.

විජය කුමාරතුංග සංස්කෘතික සංසදයත්, ජාතික මහජන සහෝදර සංසදයත් එක්ව මෙම ගුණ සැමරුම පැවැත්වීමට නියමිතය. කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සැමරුමට සමගාමීව ජාතික මහජන සෞඛය සංසදයේ නවම් විරු සැමරුම තුළින් කුමාරතුංගයන්ගේ අරමුණ වෙනුවෙන් දිවි පිදූ 117ක් වෙනුවෙන් ගුණ සැමරීමක් සිදු කරන අතර සමස්ථ ලංකා මට්ටමින් පැවැත්වූ විජය ගී තරුව තෙරීමේ තරඟයේ අවසාන වටය සහ සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.