Saturday, 27 April 2024

කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට

Posted On Monday, 26 February 2024 06:47

කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට

 

2024 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට ලබන 29 වැනිදා දක්වා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අදාළ ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන බවයි. කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2)‍ වෙත පිවිස අයදුම් කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතුය. මෙම සබැදිය විවෘත වන්නේ 2024.2.26 සිට වන අතර එය 29 දක්වා විවෘතව පවති. ඉන්පසුව එම සබැදිය වසා දැමෙන අතර අයදුම් කිරිමටද නොහැකි වේ.

නිෂ්පොදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදකිරීම්, යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ ‍සේවා1 සහ සේවා 2 යටතේ අයදුම් කළ යුතු වේ.

විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.

වයස අවුරුදු 18 - 39 අතර අයකු වීම ( 1984 පෙබරවාරි 27 සිට 2006 පෙබරවාරි 26 දක්වා උපන් අයයකුවීම, උසාවියකින් වරදකරුවකු වී දඩ මුදල් ගෙවීමක් හෝ සිරදඩුවම් නොලැබුණු අයයකු විය යුතුය. එසේම කොරියානු ජනරජ‍යෙන් ආපසු හරවා එවු හෝ නෙරපා හැරි අයකු නොවීම, ඊ-9 හෝ ඊ-10 යන වීසා කාණ්ඩ යටතේ වසර 05ක් හෝ ඊට වැඩි කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති අයකු විය යුතුවේ. ( මේ සම්බන්ධ වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (www.slbfe.lk) පිවිස ලබා ගත හැකිය.)

විභාග ප්‍රෙව්ශ පත්‍රය සම්පුර්ණ කිරිමට ප්‍රථම සෑම අයදුම් කරුවකුම, ඉදිරියට අවම මාස 03 ක වලංගු කාලයක් සහිත තම ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහිත පිටුව ස්කෑන් කර (1MB විය යුතුය) ගෙන සිටිය යුතු වන අතර මාස 03ක් ඇතුළත ලබාගත් 3.5 cm * 4.5 cm ප්‍රමාණය සුදු පැහැති පසුබිම සහිත පැහැදලි ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් (JPG විය යුතුය) සූදානම් කරගෙන සිටිය යුතුවේ.

විභාග ප්‍රවේශ ගාස්තුව- ඇමරිකානු ඩොලර් 28 ට සමාන මුදල (රු 8,887/- ) ජාතික ඉතිරිකිරිමේ බැංකුව, ලංකා බැංකුව, හෝ මහජන බැංකුවට ගෙවා අදාල රිසිටිපත අයදුම්පත්‍රය සමග උඩුගත කිරිම අනිවාර්ය වේ. මේ සම්බන්ධ වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (www.slbfe.lk) පිවිස ලබා ගත හැකිය.(http://www.slbfe.lk/wp-content/uploads/2024/02/Instruction-Sinhala-2024-docx-2_compressed.pdf )