Sunday, 28 April 2024

අධික උෂ්ණත්වය සහිත කාළගුණය හේතුවෙන් පාසල් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Posted On Wednesday, 13 March 2024 06:43

අධික උෂ්ණත්වය සහිත කාළගුණය හේතුවෙන් පාසල් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

 

පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එමගින් දැනුම්දී ඇත්තේ එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවය.

ඒ අනුව පසුගිය පෙබරවාරි මස 26 වනදා නිකුත් කළ ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසට යළි දැනුම්දෙමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.