Saturday, 27 April 2024

නිවා­සා­න්තර ක්‍රීඩා අවු­රුදු නිවා­ඩු­වෙන් පසු

Posted On Monday, 18 March 2024 06:23

නිවා­සා­න්තර ක්‍රීඩා අවු­රුදු නිවා­ඩු­වෙන් පසු

 

පාසල් නිවා­සා­න්තර ක්‍රීඩා උලෙළ අලුත් අවු­රුදු නිවා­ඩු­වෙන් පසුව සංවි­ධාන කරන ලෙස සියලු පාස­ල්­වල විදු­හ­ල්ප­ති­ව­රුන්ට අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා උප­දෙස් දී තිබේ.

සියලු විදු­හ­ල්ව­ලට ඒ සම්බ­න්ධ­යෙන් චක්‍ර­ලේ­ඛ­යක් මඟින් දැනුම් දෙන බව ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

අමා­ත්‍ය­ව­රයා පෙන්වා­දෙන්නේ උෂ්ණා­ධික කාල­ගුණ තත්ත්වය නොස­ළ­ක­මින් පාසල් රැසක් නිවා­සා­න්තර ක්‍රීඩා උළෙල සංවි­ධාන කර ඇති බව නිරී­ක්ෂ­ණය වී ඇති බවය.

පළමු පාස­ල්වා­රය අලුත් අවු­රුදු නිවා­ඩු­වෙන් පසුව ද ක්‍රියා­ත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැ­ත්වීමේ හැකි­යාව පව­තින බව සුසිල් ප්‍රේම­ජ­යන්ත අමා­ත්‍ය­ව­රයා කියා සිටි­යේය.‍

රටේ පව­තින උෂ්ණා­ධික තත්ත්වය මත මේ තීර­ණය ගනු බව ද ඇමැ­ති­ව­රයා කීවේය.

මේ අතර වයඹ, උතුරු-මැද, නැගෙ­න­හිර, බස්නා­හිර පළාත් සහ මොන­රා­ගල, මන්නා­රම, රත්න­පුර සහ වවු­නි­යාව දිස්ත්‍රි­ක්ක­වල ඇතැම් ස්ථාන­ව­ලට අද (18) දිනයේ මිනිස් සිරු­රට දැනෙන උෂ්ණ­ත්වය අව­ධා­නය යොමු කළ යුතු මට්ට­මක පව­තින බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව උණු­සුම් කාල­ගුණ තත්ත්වය පිළි­බ­ඳව අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටී.

අද දිනයේ දිව­යින පුරා ප්‍රධාන වශ­යෙන් වියලි කාල­ගුණ තත්ත්ව­යක් පව­තින බවද දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කරන අතර මෙම 21 දිනෙන් පසුව යම් තර­මක වැසි තත්ත්ව­යක් ලංකාවේ දකුණු අර්ධ­යට බලා­පො­රොත්තු විය හැකි­බ­වද කාර්ය­යයේ නියුතු කාල­ගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැව­සීය. ඊයේ(17) පෙර­වරු 8.30න් අව­සන් වූ පැය 24 තුළ උප­රිම උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 38.3ක් ලෙස කුරු­ණෑ­ග­ලින් වාර්තා විය. මිනිස් සිරු­රට දැනෙන උෂ්ණ­ත්වය අව­ධා­නය යොමු කළ යුතු මට්ට­මක පව­තින පළාත් සහ දිස්ත්‍රි­ක්ක­වල ජන­තාව ප්‍රමා­ණ­වත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානව හැකි පමන විවේක ගැනීම,වැඩි­හිටි සහ රෝගී පුද්ග­ල­යින් පිළි­බ­ඳව සැල­කි­ලි­ම­ත්වීම, කුඩා ළමුන් වාහන තුළ තනි­යම රඳවා නොයාම, අධික වෙහෙ­ස­කාරී කට­යුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිතා කිරීම වැනි උප­ක්‍රම භාවිතා කරන ලෙසද දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටී. එමෙන්ස සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ආපදා පෙර සූදා­නම් සහ ප්‍රති­චාර දැක්වීමේ ඒක­කය මගින් නිකුත් කරන නිවේ­දන පිළි­බ­ඳව අව­ධා­නය යොමු කරන ලෙස සහ වැඩි විස්තර සඳහා 011 7446491 දුර­ක­තන අංක­යට අම­තන ලෙසද නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටී. සබ­ර­ග­මුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ කළු­තර දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ස්ථාන­වල උදෑ­සන කාල­යේදී අද දිනයේ මීදුම් සහිත තත්ත්ව­යක් අපේක්ෂා කෙරේ.