Saturday, 27 April 2024

බංග්ලාදේශය සමඟ අවසන් එක්දින තරගය අද

Posted On Monday, 18 March 2024 06:26

බංග්ලාදේශය සමඟ අවසන් එක්දින තරගය අද

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන එක්දින තරගය අද (18) පැවැත් වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට Chattogram හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරග දෙක තරග එක බැඟින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වන බැවින් අද පැවැත්වෙන තරඟයේ ජයග්‍රහණය අනුව තරඟාවාලියේ ජයග්‍රහණය හිමිවන්නේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය වනු ඇත. අබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක හට අද තරඟය සඳහා සහභාගී වීමට නොහැකිව තිබෙනවා.

පලමු එක්දින තරඟය කඩලු 6කින් ජය ගැනීමට බංග්ලාදේශ පිළ සමත් වූ අතර දෙවන එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. ‍