Saturday, 27 July 2024

ජපානයේ රැකියා සිහිනය සැබෑකර ගැනීමට අවස්ථාවක්

Posted On Friday, 07 June 2024 09:52

ජපානයේ රැකියා සිහිනය සැබෑකර ගැනීමට අවස්ථාවක්

 

ජපානයේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමික (SSW) වැඩසටහන යටතේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කළමනාකරණ ක්ෂේත්‍රය සඳහා වන කුසලතා පරීක්ෂණ ජපන් රජයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

එම කුසලතා පරීක්ෂණය ජපානය විසින් තෝරාගත් අංක 100, ශ්‍රී ලංකා පද්දනම මාවත, නිදහස් චතුරශය, කොළඹ 07 යන ලිපිනයේ පිහිටා ඇති ලිපිනයේ පිහිටා ඇති ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී 2024 වර්ෂයේ ජුලි මාසයේ පහත සඳහන් දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙබ් අඩවියෙහි සඳහන් කර ඇත.

අයදුම්පත් කැඳවීම http://www.j-bma.or.jp/qualification-training/zairyu වෙබ් අඩවිය ඔස්සේ සිදු කෙරේ. 2024.06.05 සිට 2024.06.12 දින ප.ව. 10.00 සිට 5.00 දක්වා (ජපන් වේලාවෙන්) පැවැත්වෙන අතර විභාග ගාස්තු රුපියල් 5,000.00 ක් වේ.

මෙම සඳහන් කර ඇති කාලය තුළ දී විභාගය පැවැත්විය හැකි ධාරිතාව අවසන් වූ විට අයදුම් කිරීමේ ද්වාරය වසනු ලැබේ.

කුසලතා පරීක්ෂණය පවත්වනු ලබන කාලය 2024.07.16 දින සිට 2024.07.18 පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://cdn.j-bma.or.jp/.../uploads/2024/03/09104443/sl.pdf වෙත පිවිස ලබා ගත හැකිය.