Saturday, 27 July 2024

වර්ජනය හේතුවෙන් අද සවස දුම්රිය ප්‍රමාද විය හැකියි - දුම්රිය ගමනාගමන අධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ

Posted On Friday, 07 June 2024 09:58

වර්ජනය හේතුවෙන් අද සවස දුම්රිය ප්‍රමාද විය හැකියි - දුම්රිය ගමනාගමන අධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ

 

දුම්රිය ධාවන කටයුතු සවස කාලයේ දී ද ප්‍රමාද විය හැකි බව දුම්රිය ගමනාගමන අධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත අද (07) ප්‍රකාශ කළේය.

ලොකොමොටෙව් ඔපරේටින් ඉන්ජියරින් රියදුරන් විසින් සිය උසස්වීම් සම්බන්ධව දියත් කළ වර්ජනය හේතුවෙන් මෙලෙස අද දින දුම්රිය ධාවන කටයුතු උදෑසන ද ප්‍රමාද වී තිබේ.

මිට හේතුව වශයෙන් ඉඳිපොලගේ මහතා පැවසුයේ, වසර 05 ක් සපුරා ඇති III වන ශ්‍රේණියේ නිළධාරීන්ව II වන ශ්‍රේණියට උසස් කරන ලෙස මීට පෙර කරනු ලැබූ ඉල්ලීමක් මුල් කරගනිමින් එම උසස් කිරීම කඩිනමින් ලබා දෙන ලෙස මෙලෙස වර්ජනයක් දියත් කරමින් ඇති බවයි.

රාජ්‍ය සේවයේ III වන ශ්‍රේණියේ නිළධාරීන් II ශ්‍රේණියට උසස් වීම් කරන්නේ වසර 10 කින් බවත්, එහෙත් මේ වන විට එම ඉල්ලීම පිළිබඳව සළකා බලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අදාළ අනිකුත් පාර්ශ්ව සමඟ ද සාකච්ඡා කර එහි 90% ක වැඩකටයුතු නියමනුකුලව මේ වන විට අවසන් කර තිබිය දී ඉතිරි වැඩපිළිවෙල සිදු කරමින් යන අවස්ථාවක මෙලෙස වර්ජනය කර ඉල්ලීම් කිරීම අසාධාරණ වන අතරම එමඟින් මහජනතාවට අපහසුතාවයට පත් වෙන බවත් හෙතෙම පැවසිය.

කෙසේ නමුත් වර්ජනය කර ලබා ගන්නා තීන්දු තීරණ සමස්ත රාජ්‍ය සේවයටම බලපාන බවත්, මෙලෙස වර්ජනයට එක්ව ඇති III ශ්‍රේණියේ සිටින 80 ක පිරිසක් මෙලෙස වර්ජනය කරන බවත් අනිකුත් රියදුරන් මෙම වර්ජනය නොකරන බවත් ඒමහතා වැඩි දුරටත් සඳහන් කළේය.