Thursday, 01 May 2025

සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග ගැන දැනුම්දීමක්

Posted On Wednesday, 16 April 2025 06:51

සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග ගැන දැනුම්දීමක්

 

එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් පිළිබඳ දළදා මාලිගාව ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වාත්,

රතු බොක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය,

රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය දක්වාත් මෙම පිවිසුම් මාර්ග හඳුන්වා දී තිබේ.

සිරි දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ වන අතර එය පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.