Thursday, 01 May 2025

සිරි දළදා වන්දනාව හෙට ඇරඹේ

Posted On Thursday, 17 April 2025 06:26

සිරි දළදා වන්දනාව හෙට ඇරඹේ

 

වසර 16ට පසු පැවැත්වෙන ශ්‍රී දළදා දැක්ම හෙට (18) සිට ආරම්භ වේ.

හෙට (18) සිට පුරා දින 10ක් ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව දෙස් – විදෙස් ජනතාවට හිමි වේ.

ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගෙන් හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව දළදා වන්දනාව සඳහා අනුමැතිය හිමිවිය.