Thursday, 01 May 2025

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර පාසල් රැසකට නිවාඩු

Posted On Thursday, 17 April 2025 06:31

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර පාසල් රැසකට නිවාඩු

 

සිරි දළදා වන්දනාව නිමිත්තෙන් මහනුවර නගර සීමා බලප්‍රදේශයේ සහ ඊට ආසන්නයෙන් පිහිටි පාසල් රැසකට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය නිවේදනය කරයි.

මෙම මස 21 සිට 25 දක්වා අදාළ පාසල් වසා තැබෙන බවත් දළදා වන්දනාව සඳහා දැනට වෙන්කර තිබෙන දින ගණන කිසියම් හෝ හේතුවකින් දීර්ඝ කළහොත් මෙම පාසල් තවදුරටත් වසා තැබෙන බවත් වැඩිදුරටත් නිවේදනය කරයි.
ආරක්ෂක කටයුතු සඳහා මහනුවරට පැමිණෙන පොලීසියේ හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නවාතැන් ගැනීමටත් දළදා වන්දනාව සඳහා පැමිණෙන ආබාධිත හා වැඩිහිටි අය සඳහා අවශ්‍යතාව මත නවාතැන් ලබා දීමටත් මෙම පාසල් යොදා ගැනීමට නියමිතය.