Wednesday, 18 June 2025

තෙල් හිඟයක් නැහැ - ව්‍යාජ ප්‍රවෘත්තිවලට රැවටෙන්න එපා - බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Posted On Wednesday, 18 June 2025 07:14

තෙල් හිඟයක් නැහැ - ව්‍යාජ ප්‍රවෘත්තිවලට රැවටෙන්න එපා - බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්


රටතුළ තෙල් හිගයක් නොමැති බවත් තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.
ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත්, එබැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.