Thursday, 01 May 2025

කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි

Posted On Friday, 24 March 2017 08:29

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.


කෙසේවෙතත් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු සිහින් වැසි ඇති විය හැක.

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.