Thursday, 01 May 2025

වියළි කාලගුණයේ වෙනසක්

Posted On Monday, 27 March 2017 06:55

වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද දින සිට  බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


උතුරු පළාත හැර දිවයිනේ අනෙකුත් පළාත්වල (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව පවසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව,නැඟෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව ද  පවසයි.