Friday, 29 March 2024

දිවයින හරහා විටින් විට තරමක් තද සුළං

Posted On Tuesday, 25 April 2017 08:43

දිවයින හරහා විටින් විට හමන ( පැ.කි.මී.50 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නිවේදනය කරයි.


දිවයිනේ බොහෝ  ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව,මධ්‍යම  සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.