Saturday, 20 April 2024

බස්නාහිර කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද සිට

Posted On Thursday, 03 August 2017 09:05

බස්නාහිර පළාත් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ගම්පහ දිස්ත්‍රික් කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (03) හෙට( 04) සහ 05 යම සෑම දිනයකදීම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා නිට්ටඹුව ගොවිජන සේවා පරිශ්‍රෙය්දී පැවැත්වේ.


පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ට අත්වැලක් ලෙසින් පවත්වනු ලබන මේ ප්‍රදර්ශනයේදී කෘෂිකාර්මික ගෙවත්ත සහ  නාගරික ගෙවත්ත, හේන, ආදර්ශ වැව සහ කුඹුරු, අල බෝග ආදර්ශනය, කමත සහ කමතේ ක්‍රියාකාරකම් ඇතුළු විෂයානුබද්ධිත කරුණු රැසක් ප්‍රායෝගිකව අත්විදීමට හැකියාව ලැබෙනු ඇත.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව පැවැත්වෙන මෙම කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැමිණීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය