Friday, 29 March 2024

අයදුම්පත් කැඳවා ඇති විභාග

Posted On Tuesday, 29 August 2017 05:36

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වූ පරීක්ෂණය - 2017  සඳහා අයඳුම්පත් කැඳවීම ගැසට් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පරීක්ෂණයේ අයදුම්පත් භාර ගැනීම ලබන මස 08 වැනි දිනෙන්  අවසන් වේ.


එසේම වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2017 සඳහා අයඳුම්පත් කැඳවීම ද  ගැසට් කර ඇති අතර ලබන සැප්තැම්බර් 20 වැනි දිනෙන් අයදුම්පත් භාර ගැනීම අවසන් වන බව  විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.