Friday, 29 March 2024

හෙට සිට ගිගුරුම් වැසි ඇතිවිය හැකියි- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Wednesday, 30 August 2017 05:03

අගෝස්තු මස 31 දින සිට සැප්තැම්බර් මස 02 වෙනි දින දක්වා දිවයිනේ බොහෝ පළාත් වල (විශේෂයෙන් ම උතුරු, උතුරු-මැද,  නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව, නැගෙනහිර සහ උතුරු  පළාත් වල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

හම්බන්තොට සහ මාදුරු-ඔය ප්‍රදේශ වල පැ.කි.මී. 40-50 පමණ තරමක තද සුළං බලාපොරොත්තු වේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (30) දහවල් 12.11ට කොන්ඩච්චි, වාරිකුට්ටුරුව, මනියාරකුලම්, තම්මැන්නාව, පෙට්ටාව සහ ඉරක්කන්ඩි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.