Friday, 29 March 2024

දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

Posted On Friday, 08 September 2017 05:29

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී.30-40 අතර අගයක් ගන්නා බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.


දිවයිනට නැගෙනහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි, විටින්විට හමන ඉතා  තද සුළං (පැ.කි.මී.70-80දක්වා) සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකිය.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැ.කි.මී.60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවල විටින් විට රළු විය හැක. ගිගිරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.