Thursday, 28 March 2024

අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් වී දිවයිනෙන් ඉවතට

Posted On Tuesday, 17 October 2017 05:42

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයතව දුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතටගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැක.


දිවයිනේ,උතුරු සහ උතුරු මැද පළාත් වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන අතර සමහර ස්ථානවලට තරමක් තද වැසි (75-100 ම්ම් පමණ) ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.