Friday, 19 April 2024

නුවරඑළියේ නව රෝහල විවෘත කිරීම ලබන වසරේ

Posted On Thursday, 19 October 2017 06:10

යූරෝ මිලියන 39 ක ණය ආධාර යටතේ නුවරඑළියේ ඉදිකරන නව දිස්ත්‍රික් මහරෝහල පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ  නිරීක්ෂණයට ලක් විය.


එහිදී නව රෝහල් ගොඩනැගිලිවල පැවති ගැටලු හඳුනාගත් සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගැටලු කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස කොන්ත්‍රාත් සමාගමට උපදෙස් ලබා දුන්නේය.
 
තවද නව නේවාසිකාගාරවලට අවශ්‍ය උපකරණ ලබාදීම, මානව සම්පතේ ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි. මෙම නව රෝහල 2018 වර්ෂයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇත.