Wednesday, 24 April 2024

ආපදා තත්ත්වයෙන් නිවාස 4752කට හානි

Posted On Friday, 01 December 2017 11:08

ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 84ක් විපතට පත්ව ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. එමෙන් ම නිවාස 4,493 ට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 259 කි . ව්‍යාපාරික ස්ථාන හතරක් හා වෙනත් දේපළ හානි අටක් ද වාර්තා වී තිබේ.
 


මේ අතරින් වැඩිම හානිය සිදුව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයටය. කළුතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 1816ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ අර්ධ හානි සිදුවූ සංඛ්‍යාව 1426කි.
 
මේ හේතුවෙන් පුද්ගලයන් පස් දෙනකු මියගොස් හත් දෙනකු අතුරුදන්ව ඇත. තුවාල ලබා ඇති පිරිස 52 දෙනෙකි.