Thursday, 28 March 2024

පක්ෂ නායකයින් අද රැස්වෙයි

Posted On Monday, 22 January 2018 05:11

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. මහබැංකු බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පසුගිය 17 දින මේ බව සඳහන් කර ඇත.


ඒ අනුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්ත්වේ විවාදයක් පවත්වන්නේ කවදා ද යන්න හා ඊළඟ පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව කතානායකවරයා එහිදී පවසා සිටියේ ය.