Friday, 19 April 2024

කඩුවෙල - නව නුවර මාර්ගයේ ගමනාගමනයට බාධා

Posted On Wednesday, 23 May 2018 08:11

අයහපත් කාලගුණය හේතුවෙන් කඩුවෙල කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙල පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවදානමකට ලක් වී පවතින අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දමා ඇත.
 


මේ හේතුවෙන් ඉහත මාර්ගයේ ගමන්කරන මහජනතාවට සහ රියදුරන්ට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය දන්වා සිටී.