Tuesday, 30 April 2024
Editor

Editor

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

පුත්තලම, හලාවත සහ මීගමුව යන පොලිස් කොට්ඨාශ සඳහා අද (18) ප.ව.4.30 සිට පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරයි.

දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි

 නාම යෝජනා භාර දීමට පැමිණෙන නියෝජිතයින් සීමා කරයි- නියෝජිතයින් තුනක් පමණයි

රජය විසින් මාර්තු 17, 18 සහ 19 දිනයන් විශේෂ නිවාඩු දින වශයෙන් ප්‍රකාශකොට ඇතත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමට එය බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

'කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාව පෙර සූදානම් ගොඩබිම විශේෂ කලාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් නාවික හමුදාව විසින් සිදු කළේ ය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ,බැංකු,වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස (කෝවිඩ් 19) තත්ත්වය මෙරට ව්‍යාප්ත වීම පාලනය කිරීම ස‍ඳහා ඉතාලිය,ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ අද (10) දිනයේ සිට ආරම්භ විය.