Friday, 19 April 2024

මැතිවරණය ගැටලුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ මේ වන විට බොහෝ දුරට ගෙන අවසන්- මහින්ද දේශප්‍රිය

Posted On Tuesday, 09 June 2020 08:16

මැතිවරණය ගැටලුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ මේ වන විට බොහෝ දුරට ගෙන අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.



ඊයේ (8) මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සභාපතිවරයා මෙසේ සඳහන් කළේ ය

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් කියා සිටියේ. ඡන්ද විමසීමේ දිනය සහිත ගැසට් පත්‍රය ජූනි මස 10,11,12 යන දින තුනෙන් ඒකකදී ප්‍රකාශයට පත්කිරීමට හැකි වන බවයි.

මේ පිළිබදව මැතිවරණ කොමිසන් සභාවේ ඒකගතාවය ලැබුණු බවද, ලේකම්තුමන් සහ කොමසාරිස් ජනරාල්තුමන් ද මේ පිළිබදව සාක්ෂි දරනු ඇතැයි සභාපතිතුමන් මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙතෙක් මැතිවරණ දිනය ප්‍රමාද වීමට හේතුව කෝවිඩ් 19 රෝගය රටතුළ පැතිරීම බවත්, මැතිවරණය පැවැත්වීම පිළිබදව විවිධ මත පළකරමින් බොහෝදෙනා කොමිසන් සභාව වෙත නිකුත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිලධාරී මණ්ඩලය සමග ඒක්වී ඊයේ දින අම්බලන්ගොඩ පැවති ආදර්ශ ඡන්ද විමසීමක් නිරීක්ෂණය කිරීමට ගිය බවත් ඒහිදී ජන්දය පැවැත්විය යුතු ආකාරය පිළිබදව තීරණ ගත් බවත් පැවසූ මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ, ඉදිරියේදී මේ පිළිබදව පෞද්ගලික වෛද්‍ය වෘත්තිකයන්ටගේ සංගමය සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.

මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ මැතිවරණය ගැටලුවකින් තොරව පැවැත්වීමට වන අතර ඒ සදහා අවශ්‍ය සියලු තීන්දු තීරණ මේ වන විට බොහෝ දුරට ගෙන අවසන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාහ කළේය. ඒ් මහතා පවසන පරිදි මැතිවරණ කොමිසන් සභාව සමග සාකච්ඡා ඉල්ලූ දේශපාලන පක්ෂ සමග මේ සතිය තුළ සාකච්ඡා කිරීමට නියමිත වන අතර කොමිසම වෙත ලැබුණු වෛද්‍ය සෞඛ්‍ය නිර්දේශ දේශපාලන පක්ෂ අතර බෙදාහැරීමටද අපේක්ෂිත වනවා. මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වන සියලුම මාර්ගෝපදේශ රෙගුලාසි වශයෙන් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලෙසත් මැතිවරණ විදිවිධාව වශයෙන් ඒය බලාත්මක කරන ලෙසටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලා සිටි ඒ මහතා මැතිවරණ කොමිසමත් සිය විධාන වලට ඒම කරුණු ඇතුලත් කිරීමට නියමිත බව පැවසීය.  

කොමිෂන් සභාවේ විධාන, මාධ්‍ය උපමාන සහ දේශපාලන ආචාර ධර්ම යනුවෙන් ගැසට් පත්‍ර තුනක් මේ වන විට නිකුත් කර අවසන්. අනෙක් ගැසට් පත්‍ර වශයෙන් අපේක්ෂකයන්ගේ නම් සහ ඡන්ද මධ්‍යස්ථාන පිළිබදව දැන්වීමත්, ජන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමත් දැකිවිය හැකියි. අපේක්ෂකයන්ගේ නම් සහ ඡන්ද මධ්‍යස්ථාන පිළිබද ගැසට් පත්‍රය නිකුත් නොකර මැතිවරණ දිනය පිළිබද ගැසට් පත්‍රය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ඒ මහතා කියා සිටියේ ය.

මීට පෙර ඡන්ද විමසීමේ දිනය ජූනි 20 ලෙස ප්‍රකාශයට පත් කරත් ඒදිනට ඡන්දය තියන්න බැහැ. හෙට දිනයේ උදෑසන අපේක්ෂකයන්ගේ නම්, අංක, තරග කරන පක්ෂ ආදී විස්තර ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් වන අතර ඒය 09 උදෑසන දිස්ත්‍රික්ක වලට යැවීමට නියමිතයි.

මැතිවරණ දිනය වනුයේ මැතිවරණ කොමිසමට සෞඛ්‍ය මාර්ගෝපදේශ බාරදුන් දිනයේ සිට දින 60ක් 70ක් අතර දිනයක්. ඒම දිනය ජූනි මස දිනයක් විය නොහැකි බව ඒ් අනූව සියලු දෙනාටම පෙනී යන බව සභාපතිවරයා ප්‍රකාශ කළා. මැතිවරණ කොමිසන් සභාව කිසිවෙකුගේ අභිමතයට අනූව මැතිවරණ දිනය තීරණය නොකරන බවත්, කොමිසමේ නිලධාරීන්ට කළ හැකි සහ කළ යුතු වැඩ ප්‍රමාණය මත මැතිවරණ දිනය තීරණය වන බවත් ඒ මහතා කියා සිටියා. වෙනදා අවශ්‍ය වන දින 35 - 40 කාලය මෙවර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින 60 - 70 ක කාලයක් වශයෙන් ඉල්ලූ අතර ඒයට හේතුව වෙනදා පැවති සාමාන්‍ය තත්ත්වය දැන් නව සාමාන්‍ය තත්ත්වය හෝ දරාගත හැකි ඒනම් ඒකග විය හැකි සාමාන්‍ය තත්ත්වය යටතේ කෝවිඩ් පාලනයට යටත්ව ඡන්දය පැවැත්විය යුතුව තිබීම බවයි. මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ. තවම මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කල ජුනි 20 දිනය අවලංගු කර නොමැති බැවින් මනාප පිළිබද ගැසට් පත්‍රය නිකුත් කිරීමේ හැකියාවක් පවතිනවා. සෞඛ්‍ය නිර්දේශ නොමැති අවස්ථාවක නම් මැතිවරණය ජූලි 20 වැනි දිනක පැවැත්විය හැකි බව දේශප්‍රිය මහතා සදහන් කරනවා. මහාචාර්ය හල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යවේදියෙකු නැගූ පැනයට ඒ මහතා ප්‍රතිචාර දැක්වූයේ මහාචාර්ය හූල්ගේ ප්‍රකාශය කිසිදු දේශපාලන පක්ෂයක් අගතියට පත්කිරීමක් හෝ ප්‍රවර්ධනය කිරීමක් නොවන අතර ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් හේතුවෙන් තමා ඔහුව විශ්වාස කර ඔහු සමග ඒකට වැඩ කරන බවයි. මෙම මැතිවරණය කෝවිඩ් 19 පැතිරවීමට කිසිදු ආකාරයක හේතුවක් නොවනු ඇති බවට විශ්වාසය පදනම් කරගෙන පවත්වන බවත්, කොමිසන් සභාවට මෙහිදී පැනනගින ඒකම ගැටලුව වන්නේ මැතිවරණ ව්‍ය්‍යාපාරයේ දී ජනතාව ඒකතු වීමෙන් අවදානමක් මතුවේද යන්න වන අතර ඒම තත්ත්වය වළක්වාගැනීමට දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටීමට රැස්වීම් පැවැත්වීමට අපේක්ෂිත බවද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Read 504 times