Thursday, 18 April 2024

තැපැල් ඡන්දය සළකුණු කිරීම ඇරඹේ- සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට ප්‍රමුඛතාව

Posted On Monday, 13 July 2020 09:33

තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි මස 13 වනදා (අද ) අවසර ලබා දී ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

එම කාර්යය මණ්ඩලය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා දී තිබේ.

පොලිස් සහ ආරක්ෂක අංශයේ නිලධාරින් සඳහා 16 සහ 17 දිනයන් ලබා දී තිබේ

මීට අමතරව ලබන 14, 15, 16, 17, 20 සහ 21 යන දිනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read 510 times