Tuesday, 07 May 2024
Editor

Editor

විදේශ ගමන් බලපත් ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කොට ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුලත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ජුනි මස 01 දා සිට බලාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නූතණ තාක්ෂණය තුළ මානව වර්ගයා , මුහුණ දෙන අභියෝග යන්න තේමා කර ගත් 12 වන අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 11 සහ 12යන දිනයන්හිදී , ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන බව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය මහතා ප්‍රකාශ කළේය.

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට (මැයි 28) නාවික හමුදාව කටයුතු කරන ලදී.

2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ‍ෙ චක්‍රලේඛය නිකුත් කෙරේ

මුං ඇට ආනයනය ඉදිරියේදි සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

2019පොසොන් උත්සවය මෙවර ද ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරය හා ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.