Tuesday, 07 May 2024
Editor

Editor

පවතින කාලගුණික තත්වය තුළ මැයි මස 02 දින සිට මැයි මස 04 දින දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

අවුරුදු 18 දක්වා වු තැනැත්තන් ළමයින් ලෙස අර්ථ නිරූපනය කිරීමට ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට හා අවුරුදු 18 සිට 22 දක්වා වු තැනැත්තන් තරුණයින් ලෙස අර්ථ නිරූපණය වන පරිදි තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනතට සංශෝධන ගෙන ඒමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික ජනතාව ඖෂධ මිල දී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පාසල්වල ආරක්ෂව සම්බන්ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රටේ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සදහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

විදුලි බල ජලාශවල ජලධාරිතාව මේ වන විට 32% දක්වා ඉහළ නැග ඇති බැවින් බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුමට ලංකා විදුලිබල මණ්ඩලයට දැන් හැකියාව ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊශාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750 පමණ දුරින් උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 84.1 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය ලබා ගැනීමට පැමිණීමේ දී ඔවුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කාර්යාංශය විධිවිධාන යොදා තිබේ.

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.

සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ බාධාව ඉවත් කරන ලෙස ජනපති විදුලි සංදේශ නියාමන කොමිෂමට උපදෙස් දෙයි