සමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් දියත් කිරීම සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය අතර ණය ගිවිසුමක් අත්සන් තැබේ. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා
සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හෙට(02) දිනයේ බාරදෙන බව කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.
උතුරු මැද පළාත් සභාවේ පුරප්පාඩුව පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරය සඳහා එන්.වී.සමන්ත මහතා පත්කර තිබේ.
උතුරු මැද පළාත් සභාවේ හිටපු සභා නායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩුව පැවති මන්ත්‍රී ධූරය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.
ඉන්දීය ධීවර ගැටළුව සම්බන්ධයෙන් ඉන්දු ලංකා ද්වීපාර්ශවික සාකච්ඡා දෙවන වටය හෙට කොළඹදී පැවැත්වෙයි.
ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව ධීවර ගැටළුවට අවසන් විසඳුමක් සෙවීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය මෙම ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කර තිබේ.
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා එකඟතාවය හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ තුන් වන වටයේ සාකච්ඡා මේ මස 04 සහ 05 දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.
මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව සකස් කර අවසන් බැවින්, එය අගමැතිතුමන් වෙත පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස එම කොමිසම විසින් ඉල්ලීමක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.