Saturday, 18 May 2024
Editor

Editor

සක්‍රීය පාසල් පද්ධතියක් පවත්වා ගනිමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ වැඩසටහන් රැසක් මෑතකාලීන ව ක්‍රියාවට නැංවෙමින් ඇති අතර, විදුහල්පති තනතුරුවල පුරප්පාඩු සහිත ජාතික පාසල්වලට සුදුසුකම් ලත්, විදුහල්පතිවරුන් බඳවාගැනීම සම්බන්ධයෙන් ද, අමාත්‍යවරයාගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබේ.

රැකියා විරහිත උපාධිධාරින් 16,800 ක් අභ්‍යාසලාභින් පුහුණු නිලධාරින් ලෙස බඳවා ගැනිමේ පත්විම් ප්‍රදානය හෙට (30) දින පෙ.ව 11.30 දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දි සිදු කිරිමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ක්‍රියාමාර්ග අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3888ක් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතියට බඳවාගැනීමේ වැඩපිළිවෙළ සුවිශේෂ ක්‍රියාමාර්ගයකි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

දුම්රිය මඟින්ගේ පහසුව සඳහා 2019/08/01 සිට නව දුම්රියන් හා පැවැති දුම්රියන් සංශෝධනයට ලක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පහතින් එම සංශෝධන දක්වා ඇත.

හංගේරියානු ණය ආධර යටතේ ඉදිරි වසර දෙක තුළ විදුලි සීනු සහ වර්ණ සංඥා සහිත දුම්රිය හරස් මාර්ග 200ක්  සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

24 වන ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ වසරේ සම්මාන උළෙල 2019  “තිරසාර වර්ධන සඳහා නවෝත්පාදන හා ඵලදායිතාවය” යන්න තේමාව කරගනිමින් කොළඹ දී පැවැත්වෙයි

රැකියා විරහිත උපාධිධාරීන් 16800ක් උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණුව සඳහා කඩිනමින් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වුවන් සඳහා ආහාර සහ තාවකාලික වාසස්ථාන ලබා දීම මේ වන විට සිදු කර ඇති බවත්, මෙම පිරිස් නැවත යථාතත්වයට පත්වන තෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදු කෙරෙන බව අපදා කළමනාකරණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.එම් රවී ජයවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී පවසා සිටියේ ය.

අගෝස්තු 02 වනදා ආරම්භවීමට නියමිත මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම්ව ඇති බවත්,මෙවර පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව  වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙල රැසක්  ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් දියවඩන නිලමේ ප්‍රදීප්  නිලංග දෑල බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය.