Friday, 19 April 2024

ව්‍යවස්ථා සභාවේ අනුකමිටු වාර්තා ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

Posted On Friday, 30 December 2016 09:20

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී බහුතර මතය මෙන්ම සුළුතර මතයද නියෝජනය විය යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී බහුතර මතය මෙන්ම සුළුතර මතයද නියෝජනය වියයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (10) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු වාර්තාවේ

සුළුතරයේ අදහස්ද අන්තර්ගත වී ඇති බවත් විවිධ මත දැරීමේ අයිතිය සෑම දෙනාටම ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් අනුකමිටු වාර්තා ඉදිරිපත් කරමින් අගමැතිවරයා එසේ පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පාර්ලිමේන්තුවට හා පළාත් සභාව අතර පවතින සබඳතාව සොයා බැලීම සඳහා පත්කළ මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ අනු කමිටු වාර්තා හයක් මෙසේ ඉදිරිපත් කෙරිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10) පාර්ලිමේන්තුවේ දී රැස්විය.

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම වාර්තාව අනුකමිටු සාමාජිකයින් වන සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රසන්න රණතුංග, තුසිතා විජේමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මණ්ඩලය විසින් සම්පාදනය කර තිබිණ. අනුකාරක සභා වාර්තාව පිළිබඳ එකඟවෙනවාද නැද්ද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවේ දී තීරණය කළ යුතුබව අගමැතිවරයා පැවැසීය. එමෙන්ම සියලු දෙනාගේ තීන්දු තීරණ ගැනීමට කාලය ලබාගත හැකිබවත් අගමැතිවරයා මෙහිදි පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා- පාර්ලි‍මේන්තුව සහ පළාත් සභා අතර සම්බන්ධතා ‍සොයා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ‍මෙ‍හෙයුම් කමිටුව විසින් පත්කරන ලද අනුකාරක සභා‍වේ වාර්තාව පිළිගන්වනවා. අනුකාරක සභා 7ක වාර්තා ‍මේ සභාවට ඉදිරිපත්කර ති‍බෙනවා. ජනවාරි 9දා අ‍පේ සාමාජිකයන්ගේ, පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීමට ‍වෙන්කර ති‍බෙනවා. එහි දී අ‍පේ ‍මෙ‍‍හෙයුම් කමිටුවට ඉතාම වැදගත් ‍වෙනවා. ‍විෂයයන් ගණනාවක් ‍මේ ‍වෙනු‍වෙන් ඇතුළත්කර ති‍බෙනවා. මේ අනුකාරක සභාව පත් ක‍ළේ මන්ත්‍රීවරුන් තුන් ‍දෙ‍නෙකු‍ගෙන් සුසිල් ‍ප්‍රේම ජයන්ත, ප්‍රසන්න රණතුංග මහත්වරුන් සහ තුසිතා වි‍ජේමාන්න මහත්මිය ඒ ‍වෙනු‍වෙන් පත්කර ති‍බෙනවා.

මේ ගැන ආණ්ඩුකාරවරු, මහ ඇමැතිවරුන් හා විපක්ෂ නායකවරුන්ගේ අදහස් ලබාගන්න. ‍මේ පක්ෂවල අදහස් අර‍ගෙන වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. ‍මේ කාරණා ගැන දැනගන්න දින ‍දෙකක් තුනක් ති‍බෙනවා. එයින් අනතුරුව යළිත් ‍මේ සභා‍වේ අදහස් ‍ගෙන ප්‍රධාන පක්ෂවලත් අදහස් ගන්න සිදු‍වෙනවා. ‍මේ අනුකමිටුවට පැමිණ සාක්ෂි ඉදිරිපත් කළ, සහාය දුන් නිලධාරීන්ට, සාමාජිකයන්ට මම ස්තුතිවන්ත ‍වෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා (‍දෙ.ජා.ස)- අද ‍මෙ‍හෙයුම් කමිටු‍වේ අතුරු වාර්තාවක් සභාගත කරනවා කීවා. නමුත් එය අද ඉදිරිපත් කර නැහැ. ‍දේශපාලන පක්ෂ කිහිපයකට ඒ සම්බන්ධ‍යෙන් සාකච්ඡා කරන්න එකඟවී ති‍බෙනවා. එම පක්ෂවලට කාලය දියයුතුයි. ඊට පසුව එම අතුරු වාර්තාව සභාගත ‍කෙ‍රෙනවා. අපි සම්පූර්ණ‍යෙන් ‍මෙය සාකච්ඡාවට ගැනීමට ‍පෙර එම ‍කෙටුම්ප‍තේ ‍වෙනස්කම් සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමුකරන්න පුළුවන්.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසු‍දේව නානායක්කාර මහතා (එ.ජ.නි.ස)- අද සභාව රැස්වීමට නියමිතව තිබු‍ණේ අතුරු වාර්තාව සභාගත කිරී‍මෙන් පසුවයි. ‍බහුතර මතයට ‍වෙනස්ව මත ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ අදහස් අඩංගුකර ‍නොමැති බවට ප්‍රකාශ කරනවා. ‍ඒවා ඇතුළත් කළයුතු ‍වෙනවා. ‍වෙනත් මත වුවද ‍මෙහි අන්තර්ගත වියයුතු ‍වෙනවා. ඊළඟට එන්නේ අනුකාරක සභාවල වාර්තාද, ‍මෙ‍හෙයුම් කමිටු‍වේ වාර්තාවල විවිධ යෝජනා ඉදිරිපත් කරන්නේ ‍‍කෙ‍සේද.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා- ‍අනුකාරක සභාවල වාර්තා ඉදිරිපත් කළ පසු ‍මේ සභාවට ඉදිරිපත් කරන්න අපි තීරණය කළා. මෙතන අදහස් ලබාගත් පසු අපිට යම්කිසි ඇඟයීමක් කරන්න පුළුවන්. ඒ ‍වෙනු‍වෙන් එකඟවනවා ද නැද්ද යන්න ‍මේ සභා‍වෙන් කියන්න පුළුවන්.

විවිධ මත, පරස්පර ‍යෝජනා ති‍බෙනවා. අන්තර් වාර්තාවක් ඉදිරිපත් කරන්න ‍හෝ බලනවා. අ‍පෙන් කල් ඉල්ලා ති‍බෙනවා. නිදහස්ව ‍මේ අනුකමිටු වාර්තාව සම්බන්ධ‍යෙන් විවාදයක් පවත්වා ‍මේ ‍තොරතුරුත් ඇතුළත්ව වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ‍මෙයින් පසුව අපි තවත් අවස්ථාවක වාර්තාව ලබා‍දෙන්නම්. ‍

මෙහි සුළුතර‍යේ ‍අදහස් අන්තර්ගත වී ති‍බෙනවා. ‍මේ සම්බන්ධ‍යෙන් ‍මෙ‍හෙයුම් කමිටුව 5 දා මුණ ගැසුණු පසු තීරණයක් ගමු. බහුතර මතය පමණක් ‍නොව සුළුතර මතය ද ‍මේ සඳහා අන්තර්ගත වියයුතු ‍වෙනවා.‍ මේ ජනතාවට විවිධ මත දරන්න අයිතියක් ති‍බෙනවා.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා- ‍මෙ‍සේ ඉදිරිපත් වූ ‍යෝජනා සම්බන්ධ‍යෙන් විවාදයක් ඉදිරි‍යේ දී පැවැත්වෙයි කියා සිතනවා. එකඟතාවයකට එන්නට අපිට හැකියාව ලැ‍බෙයි. මහින්ද රාජපක්ෂ මහතා සහ ඒ මහතා‍ගේ පාක්ෂිකයන් සමඟ ද අපි සාකච්ඡා කළා. ‍මේ ර‍ටේ සියලු ‍දේශපාලන පක්ෂ ජනතාව‍ගේ එකඟතා‍ව‍යෙන් කටයුතු කරයි කියා සිතනවා. අපි ජනතාවට ස්‍වෛරී බලය ති‍බෙනවා. ජනමත විචාරණයකින් ‍පෙන්වන්න පුළුවන්.

‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දි‍නේෂ් ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස)- වැරැදි මතයක් ඇති වියයුතු නැහැ. අ‍පේ කණ්ඩාය‍මේ මන්ත්‍රීවරු අනුකාරක සභාවල අදහස් හා ‍යෝජනා වාර්තා‍වේ සඳහන් වී ‍නොමැති නිසා ‍කෙටි වාර්තාවක් ඉදිරිපත් කළයුතු බවට ඉල්ලා තිබුණා. නමුත් එය දී තිබු‍ණේ නැහැ. අ‍පේ මන්ත්‍රීවරු වගකී‍මෙන් කටයුතු කරන විට ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම වැදගත්. ‍‍

කෙටුම්පත් වාර්තාව සූදානම් එය ඉදිරිපත් කිරීමට නියමිතව ති‍බෙනවට සුමන්දිරම් මහතා කීවා. එය පිළිගන්නේ නැහැ. සම්පූර්ණ ‍මෙ‍හෙයුම් කමිටුව එක් සා‍මාජික‍යකු විසින් කරන්න බැහැ. අපිට හදිසි අවශ්‍යතාවක් නැහැ. සියලු කරුණු සම්බන්ධ‍යෙන් අපි කතා කරනවා. ‍මෙය වළක්වන්න හදනවා වම් එය වැරැදියි. අපි අගමැතිවරයා සමඟ එක්ව සාකච්ඡා කළා. කලබල වියයුතු නැහැ. දැනට වාර්තාවක් නැහැ. අපි සා‍කච්ඡා කර එකඟතාවයකට එන්න පුළුවන්.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා (‍දෙ.ජා.ස)- කෙටුම්පතක් ති‍බෙන බවට මම කී‍වේ නැහැ. සියලු ‍දේශපාලන පක්ෂවලට ලබා දී ති‍බෙනවා. ‍මෙය ඉතාම වැදගත්. ‍

නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා- මේ අතුරු වාර්තාව ‍කෙටුම්පත් වාර්තාවක්. ඒ සම්බන්ධ‍යෙන් තවදුරටත් සාකච්ඡා කළයුතු ‍වෙනවා. එහි අවසන් වාර්තාවක් ඉදිරිපත් කරන්න සූදානම්. අපි සියලු ‍දෙනා එක්ව නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න යනවිට යම් යම් මතවාද ති‍බෙනවා.

අපි පක්ෂ නායකයන්ට ‍වෙලාව නැහැ ‍මේ සම්බන්ධ‍යෙන් සාකච්ඡා කරන්න. අපි ‍මේ ගැන කතා කරනවා. සමහර පක්ෂ නායකයන් ‍මේ ‍වෙනු‍වෙන් උදව් කරනවා. ඇතැමුන්ට වි‍ශේෂඥභාවයක් ති‍බෙනවා. ඇතැම් අය ‍මේ ර‍ටේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකරන්න යනවා. වගකීමක් ති‍බෙන ‍දේශපාලන නායකයන් ‍ලෙස අපිට යම් බලයක් ති‍බෙනවා. අනවශ්‍ය භීතිකාවක් ඇතිකිරීම වගකිව යුතු ‍දේශපාලඥයන් විසින් සිදුනොකළ යුතුයි. අපි සාමුහික වශ‍යෙන් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළයුතු ‍වෙනවා.

ජාතික සංවාඳ පිළිබඳ ඇමැති ම‍නෝ ‍ග‍නේෂන් මහතා- ‍මේ වාර්තාව සම්පූර්ණ කර නැහැ. ‍දෙමළ ජනතාව‍ගේ මතයද ‍මේ සඳහා ඇතුළත් වියයුතු ‍වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අපි සාකච්ඡා කළා. භාෂා ප්‍රතිපත්තිය ඒ මහතා පිළි‍ගෙන ති‍බෙනවා. එකට වැඩකරමු කීවා. මැතිවරණ ක්‍රමය ‍වෙනස් කරන්නට යනවා. දැනට ති‍බෙන ක්‍රමය ‍වෙනස් කරන්න ‍දෙන්නේ නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 9 වැනිදා යළි රැස්වේ.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ මහින්ද අලුත්ගෙදර

Read 1755 times Last modified on Friday, 30 December 2016 09:24