Thursday, 28 March 2024

හිම වලසුන් වසර 2100 දී ලොවින් තුරන්වන ලකුණු...

Posted On Tuesday, 28 July 2020 09:12 Written by
Rate this item
(0 votes)


28.07.2020
වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කිසියම් සාධනීය වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොකළහොත් හිම වලසුන් වසර 2100 දී මොලොවින් තුරන්ව යාහැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සමග මේ වන විට ආක්ටික් සාගරයේ හිම කඳු දියවන්නට පටන් ගෙන ඇති අතර මෙය ඉදිරියේදී තවදුරටත් වේගවත්ව සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.

කැනඩාවේ ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ හිම කඳු දියවීමත් සමග හිම වලසුන්ට යන්නට තැනක් නොමැති වන බවයි. මේ වන විටත් හිම කඳු දියවීම ලෝකයේ හිම වලසුන්ගේ ගහනය අඩු වීමට බලපා තිබේ.

විශේෂයෙන්ම මෙය හිම වලස් පැටවුන්ගේ මරණ වලට බලපා ඇත. උෂ්ණත්වය වැඩි කාලවලට වලස් මව්වරුන්ට තම පැටවුන්ට අවශ්‍ය කිරි නිපදවීමට වලස් මව්වරුන්ගේ ශරීරයේ ඇති මේදය ප‍්‍රමාණවත් නොවීම නිසා නිසි පෝෂණයක් නොලැබීමෙන් වලස් පැටවුන් මියයන බව හෙළිවී තිබේ.

Read 2129 times