Friday, 29 March 2024

අන්ධකාරයට ජනතාව ගෙවන වන්දිය Featured

Posted On Wednesday, 19 August 2020 04:56 Written by
Rate this item
(0 votes)

හදිසි විදුලිය බිද වැටීම මුළු රටටම බලපාන ලද බව දැනට නිකුත් වී ඇති වාර්තා දක්වයි. මහජන උපයෝ්ගීතා කොමිසම වහාම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ. විදුලිය බල අමාත්‍යංශයේ රාජකාරි භාර ගත් අලූත් ආණ්ඩුවේ අමාත්‍යවරයා ඉක්මන් වාර්තාවක් සහ පැහැදිලි අනාවරණයක් කරන සේ අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇත. විදුලිය රහිත කාලසීමාව තුළ අතුරු ප‍්‍රශ්න ද පැනනැගිණ. ජල සම්පාදන මණ්ඩලයේ පොම්ප අක‍්‍රිය වූ අතර එය නාගරික ජනතාවට ගැටළු ඇති කළේය. වාහන සංඥා ආලෝක පද්ධති අක‍්‍රීයවීමෙන් මහා මාර්ගවල තත්ත්වය නරක අතට හැරිණි. රෝහල් වල විදුලිය ජනක යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වූ නමුත් සම්පූර්ණ අවශ්‍යතා ආවරණය නොකෙරිණි.
විදුලිය ජනක යන්ත‍්‍ර රහිත කාර්යාල, වැඩ පොල අපහසු තැන් බවට පත් වී තිබුණි. මහල් නිවාස වල තත්ත්වය තවත් දුෂ්කර වූ අතර වායු සමීකරණ රහිත හා විුලිය සෝපාන සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක නොවන ස්වභාවයක් පැවැතිණ. අනපේක්ෂිත හදිසි තත්ත්වයක් බව තේරුම් ගත හැකිය. විදුලිය බලවත් අව්‍යශතාවයක් වන අතර නියමානුකූලව පවත්වාගෙන යන්නට ඇති උවමනාව මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු කරන ලද බව දැක්විය යුතුය.


පද්ධති දෝෂ ගැන අවධානයක සිටීම වැදගත්ය
අගෝස්තු 17 ඊයේ දහවල් 12.30 ට පමණ රට පුරා විදුලිය ඇනහිටියේය. සමහර පලාත් වලට පැය කිහිපයකින් විදුලිය ලැබුණ නමුත් සමස්ථ රටට සම්පූර්ණ විදුලිය බලය ලැබෙනවිට පැය අටකට වඩා කාලයක් ගත වී තිබුණි. 2016 වසරේ මාර්තු මාසයේ දී ද මෙවැනි කටුක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. මණ්ඩලයට සම්බන්ධ තොරතුරු දක්වන අන්දමට විදුලිය බි`දවැටීමට හේතුව කෙරවලපිටිය ග‍්‍රිඞ් උප පොලට සම්බන්ධ ප‍්‍රශ්නයකි. නොරොච්චෝල විදුලිය බලාගාරයෙන් සැපයෙන මෙගා වොට් 900 ක සහ කෙළවරපිටිය බලාගාරයෙන් ජනනය කෙරෙන මෙගාවොට් 300 ක් සමස්ථ පද්ධතියට එකතු කරන්නේ එම ස්ථානයෙන්ය. කිසියම් දෝෂයක් නිසා මෙගා වොට් 1,200 ක හදිසි බි`ද වැටීමක් සිදුවී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රට තුළ තිබුණ ඉල්ලූම පාලනය කරගත නොහැකි වී තිබේ. ජල විදුලිය හා අනෙක් තාප විදුලිය මධ්‍යස්ථාන වලින් කඩින් කඩ ඉල්ලූම සපයන අතර සමස්ථ පද්ධතියම පණ ගන්වන්නට සමත්වූයේ බලාගාර වල දෝෂ පිලිසකර කිරීමෙන් අනතුරුවය.
රටට අවශ්‍ය කරන විදුලිය සම්පූර්ණයෙන් උත්පාදනය නොවන සහ යාන්තම් අරපිරිමසා ගන්නා තත්ත්වයක් තුළ මෙවැනි දේ සිදුවිය හැකිය. ඉදිරියේය දී පවා හදිසි බි`දවැටීම් වලක්වා ගැනීමට නම් හදිසි අවස්ථාවක ප‍්‍රයෝජනයට ගත හැකි ආපදා විදුලිය ජනන පද්ධතියක් රටට අවශ්‍යය. සියළුම බලාගාර පැය විසි හතරම වසරපුරා කිසිම නතර කිරීමක් රහිතව වැඩ කරන විට ප‍්‍රශ්න මතුවෙයි. රටට අවශ්‍ය සැලැස්මකි. වසරකටට සියයට 7-10 අතර ඉල්ලූම ඉහළ යයි. එම පසුබිම ගණනය කර අවශ්‍ය තරමට විදුලිය සූදානම් කරගැනීම වගකිව යුතු අංශවල අවධානය යොමු විය යුතුය. එය විශාල ආයෝජනයක් වන අතර විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය සම්බන්ධ ඒකාධිකාරයකින් නොපිරිහෙලා ඉටු කළ නොහැකි වගකීමක් බව දැක්වෙයි.


සූර්ය විදුලියෙන් ද ප‍්‍රයෝජනයක් නොවන තැනට පත්වීම
විදුලිය විසන්ධි වූ මහ දවල් සූර්ය කෝෂ විදුලියෙන් ද පලක් වූයේ නැත. සාමාන්‍ය ජනතාව ණය පදනමකින් සිය නිවාස වල සුර්ය කෝෂ පද්ධති සවි කළේය. ආසියානු සංවර්ධන බැංකුව සහන ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පනහක් රජයට ප‍්‍රදානය කළ අතර එය සියයට අටක පොලී අනුපාතයක් යටතේ ගෘහස්ථ සූර්ය කෝෂ සැපයුමට යෙදවීය. ආසියානු සංවර්ධන බැංකුව දක්වන පරිදි මෙම ණය ව්‍යාපෘතියට තවත් ඇමරිකානු ඩොලර් මිලියන පනහක් යොදවන්නට සූදානම්ය.
ගෘහස්ථ සූර්ය කෝෂ වලට අමතරව මහා පරිමාන සූර්ය තාපබලාගාර ඉදිකරනන යෝජනාවක් ද තිබේ. වාර්තා දක්වන අන්දමට සැපයුම්කරුවන් 250 ක් ව්‍යාපෘති ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ වියදමෙන් විදුලිය නිපදවා රටට සපයන අදහස ඇතිව සිටී. එහෙත් තාක්ෂණික ප‍්‍රශ්න හෙයින් මෙම ආයෝජන වලට තවමත් ස්ථිර අනුමැතියක් නැත.
විදුලිය රහිත අවස්ථාවල නිවසේ සවිකළ සූර්ය කෝෂ ප‍්‍රයෝජනයට ගැනීමට නොහැකි මන්ද යන ප‍්‍රශ්නය ගෘහස්ථ පාරිභෝගිකයන්ට තිබේ. දැනට පවතින තාක්ෂණය අනුව ගෘහස්ථව නිපදවන විදුලිය පද්ධතියට එකතු කළ හැකි විදුලිය පවතින අවස්ථාවක පමණි. නඩත්තු කටයුතු හෝ බි`ද වැටීමක් සිදුවන අවස්ථාවක නිවසේ ජනනය කරන සූර්ය කෝෂ විදුලිය තමන්ගේ ප‍්‍රයෝජනයට ගැනීමට පුලූවන්කමක් නැත. එවැනි පියවරක් අනුගමනය කළ යුතු පාරිභෝගිකයන් වෙතොත් කෙලින්ම සූර්ය විදුලිය නිවසේ පරිහරණයට යොදවා ගත යුතු අතර රාත‍්‍රී කාලය ස`දහා බැටරි පද්ධතියක සහාය ගත යුතුය. දැනට නිවසක සම්පූර්ණ අවශ්‍යතා ස`දහා බැටරි පද්ධතියක් යෙදවීමේ දී විශාල පිරිවැයක් දරන්නට සිදුවන අතර අවශ්‍ය බැටරිය ද විශාල එකකි.
බිල්ගේට්ස්, ජෙෆ් බිසෝස්, අලි බාබා සහ මාක් සුකර්බර්ග් ඇතුළු ලෝකයේ ප‍්‍රමුඛ ධනවතුන් ගේ පරිත්‍යාග වලින් වැඩි දියුණු බැටරියක් නිපදවන පර්යේෂණ අරඹා ඇති අතර එය සාර්ථක වුවහොත් ජාතික විදුලිය පද්ධතියෙන් මිදී සම්පූර්ණයෙන්ම තමන්ටම විදුලිය නිපදවා ගබඩා කරගත හැකි ක‍්‍රමයක් අනාගතයේ දී ඇතිවනු නිසැකය.


රටට අවශ්‍ය විදුලිය පසුරා ගැනීම බලවත් අභියෝගයකි
විදුලිය බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා පුවත්පත් සාකච්ඡුාවක් පවත්වන ලද අතර එහි දී අනාවරණය කළ කරුණු වැදගත්ය. පසුියවසර පහ තුළ විදුලිය නිෂ්පාදනයට අලූතින් කිසිම පියවරක් ගෙන නැත. නොරොච්චෝල දෙවැනි අදියර හා තවත් ගල් අ`ගුරු බලාගාරයක් වශයෙන් සෑහෙන යෝජනා තිබුණි. වසර 2045 දක්වා විදුලිය අවශ්‍යතා ගණනය කරන ලද අතර ඒවා වෙනුවෙන් අලූත් බලාගාර සැලස්මක් අනුමත කරන ලද නමුත් බල ගැන්වූයේ නැත. ඉන්දීය ආධාර මත ගල් අ`ගුරු බලාගාරයක් ඉදිකරන යෝජනාවක් තිබුණ අතර පසුව එය ද්‍රව ගෑස් බවට හරවන සේ හිටපු ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඉදිකිරීම් ආරම්භ කරන ලද මට්ටමේ තිබුණ එය සහමුලින්ම නැවත සැලසුම් කරන්නට සිදුවූ අතර අවුරුදු පහකින් අලූතින් යමක් සිදු නොවී රටක් ආලෝකවත් කරන්නේ කෙසේ ද යන්න ප‍්‍රශ්නයකි.
විදුලිය බල මණ්ඩලය දක්වන ලද පරිදි ඉදිරියේ ඉක්මනින් තීරණ ගත යුතුව තිබේ. විදුලිය අවශ්‍යතා සම්පූර්ණ කරගත නොහැකිවුවහොත් ඉල්ලූම සැපයිය නොහැකිය. ආයෝජනයට අවශ්‍ය අති විශාල මුදල සොයා ගැනීමට පියවර ගත යුතුය. දැනට කරගෙන යන ව්‍යාපෘති අතර ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර සහිත මන්නාරම සුලං බලාගාරය ප‍්‍රධානය. එයින් ජනනය කරනු ඇති විදුලිය ප‍්‍රමාණය මෙගාවොට් 100 කි. උමා ඔය මගින් තවත් මෙගාවොට් 120 ක් සහ බොරලන්ද බලාගාරයෙන් මො වොට් 35 ක් අනාගතයේ දී ලැබෙනු ඇත. මොරගල්ල ජලාශයෙන් 2021 දී අවස්ථාවක් ලැබෙනු ඇති බව ස`දහන්ය. මේවා ප‍්‍රමාණවත් නැත. කොළඹ නගරය හා සමාන ප‍්‍රදේශයක් පෝට් සිටි මගින් හැදේ. එහි මහල් නිවාස හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් සෑහෙන විදුලියක් අවශ්‍යය. රට පුරා ජනතාව විදුලිය උඵකරණ භාවිතය වැඩි කළහොත් පරිභෝජනය ඉහළයයි. එය අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. නොරොච්චෝල බලාගාරයේ තවත් අදියරක් 2023 දී විවෘත කරනු ඇති අතර එයින් ලැබෙන විදුලිය ප‍්‍රමාණය මෙගවොට් 300 ක් බව දැක්වෙයි.
විදුලිය බල මණ්ඩලයේ යෝජනා අනුව 2018-37 කාලය තුළ අලූත් විදුලිය නිපදවන යෝජනා ක‍්‍රම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 14 ක් යෙදවිය යුතුය. එය අති විශාල මුදලකි.


සංවර්ධනය පමණක් නොව පාඩුව ද අවම කරන මග
නිසි කලට විදුලිය නිපදවන සැලසුම් ක‍්‍රියාවට නැංවීම අපොහොසත්වීමෙන් රට පත්ව ඇති ස්වභාවය ගැඹුරින් තක්සේරු කළ යුතුය. මෙරට විදුලිය පරිභෝජනයෙන් සියයට තිස් හතරක් සාමාන්‍ය පාර්භෝගිකයෝය. සියයට විසි නමයක් කර්මාන්ත අංශයයි. අනෙක් වැදගත් අංශ තවත් සියයට විසි එකක් භාවිතා කරන අතර සියයට දහසයක ප‍්‍රතිශතයක් රජයේ ආයතන, ආගමික ස්ථාන හා සංචාරක කර්මාන්තයට අදාල අංශ ප‍්‍රයෝජනයට ගන්නා බව සැලකේ. මෙම සියළු දෙනා වෙනුවෙන් අනාගත විදුලි අවශ්‍යතා සුරක්ෂිත කළ යුතුය.
කොවිඞ් වසංගතය නිසා රට තුළ තිබුණ ස්වභාවය සලකා විදුලිය බිල වෙනුවෙන් ජනතාවට සහනයක් ප‍්‍රකාශයට පත් කළේය. එයට වැඩ වන මුදල රු. මිලියන 3000 ක් බව දැක්වෙයි. එහෙත් මණ්ඩලය මෙම වසරේ අපේක්ෂා කරන අලාභය රු. බිලියන 15 කි. පසුගිය වසරේ අලාභය රු. බිලියන 85 ක් බව දැක්විණ. මෙම පාඩු පියවන්නේ කෙසේද? ජනතාවය සහන දෙන බව දක්වන ආණ්ඩුව අනෙක් පැත්තෙන් මෙම පාඩු පියැවීම සදහා විශාල වශයෙන් සෘජු හා වක‍්‍ර බදු පනවයි. අලූතින් හිතන්නට අවශ්‍යය. පාඩු වලකන ක‍්‍රියා මාර්ග වලට යා යුතුය. විදුලිය අඩු ගාස්තුවක් ගෙවන නමුත් අත යටින් වැඩි බදු ගෙවන රටක් ජනතාවගේ ප‍්‍රාර්ථනාව නොවේ. එම බදු බර ඉවසන අතර දෛනික විදුලිය සැපයුම ද නිසි පරිදි පවත්වාගෙන යන්නට අපෙෙහොසත්වීම ප‍්‍රශ්නයකි. බරපතල විදුලිය බි`ද වැටීම එකකි. නමුත් සෑම පාරිභෝගිකයෙකුටම තිබෙන අත්දැකීම් අනුව නිරන්තරව සිදුවන හදිසි බි`දවැටීම් හිරිහැරයකි. වැඩපොලක්, කර්මාන්ත ශාලාවක පවත්වාගෙ යන ව්‍යවසායකයෙකුට සතියකට දෙතුන් වතාවක් පැය ගණන් විදුලිය විසන්ධිවන අවස්ථා ගැන ඇතැම් ප‍්‍රදේශවල වාර්තා වෙයි. එයට අමතරව නඩත්තු කටයුතු ස`දහා අත්හැටුවන නිවේදන ද දක්වයි. මේවා ගැන තදින් හිතන්නට අවශ්‍යය. විදුලිය බල මණ්ඩලය සිය දෛනික අවශ්‍යතා වෙනුවෙන් බැංකු වලින් ණය ගන්නා අතර ඒ වෙනුවෙන් ගෙවන පොලිය අති විශාලය. ඒවා ද පොදු ජනතාව වෙත පැටවෙන වන්දියකි.
මෙම පැති ගැන අලූතින් හිතනිනට අලූත් ආණ්ඩුවට වගකීමක් තිබේ. ලෝකයේ බලශක්ති වෙනස්කම් අධ්‍යයනය කළ යුතුය. බුද්ධිමතුන් කැ`දවා නිසි ක‍්‍රියාමාර්ග ගැන උපදෙස් ගත හැකිය. නියම ව්‍යුහයක් ඇති කර බලශක්තිය නිපදවන හා බෙදාහැරීම ගැන සම්පූර්ණ සමාලෝචනයක් කළ යුතුය. නියාමන අධිකාරියට ද වගකීමක් තිබේ. දින තුනකින් වාර්තා කැ`දවන නමුත් දෙන තීන්දුව කුමක්ද? 2016 වසරේ මාර්තු මාසයේ දී රට පුරා විදුලිය ඇන හිටියේය. සෑහෙන කාලයක් පැය ගණන් විදුලිය කප්පාදුවක් සිදුවිය. බලය ඇති නියාමන කොමිසම නිදහසට අහන කරුණු අවසානයේ දෙන තීන්දුව ජනතාවට පැහැදිලි නැත.

ශාමින්ද වත්තේගෙදර මව්බිම පුවත්පතට ලියූ ලිපියක් ඇසුරෙන් 

Read 2018 times Last modified on Thursday, 20 August 2020 11:06