Thursday, 28 March 2024

ගංජා රට යැව්වොත් සියලු අපනයන පරාදයි - බන්දුල එක පොටකට එන ලකුණු

Posted On Monday, 31 August 2020 06:50 Written by
Rate this item
(0 votes)

ගංජා පදනම් කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය කොට අපනයනය කළහොත් සියලුම අපනයන භාණ්ඩවලට වඩා වැඩි විදේශ විනිමයක් උපයාගැනීමට  හැකිවනු ඇතැයි, පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මඟින් පෙන්වාදී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විස්මයට පත්වන සටන් කලාවක් සහිතව ඉතා ශක්තිමත් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන්වැදීමට කංසා භාවිත කළ නිසා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවැසූ අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල කංසා ඉතා බහුල අපනයන භාණ්ඩයක් යැයිද පෙන්වා දුන්නේය.

සාම්ප්‍රදායික බටහිර වෙළෙඳපොළ වෙනුවට අප්‍රිකානු මෙන්ම ආසියානු ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා ගමන් කිරීමට මෙරට වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

අලුත් ලෝකයේ නව තාක්ෂණය සහිතව නවීකරණය වූ අපනයන ක්‍රමයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read 7434 times